Published
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරු 750 දෙනා දිවුරුම් දීම අද සිදු වනවා.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ඔවුන්ට විශේෂ වැඩමුළුවක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සීදුව අම්බලන්මුල්ල ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදු වන බවයි.
මේ අතර සියයට 50 ඉක්මවා බහුතර බලය ලබා නොගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙලෙස අදහස් පළ කළා.