පොහොර මිලෙහි යම් වැඩි වීමක් ඉදිරියේදී සිදුවිය හැකි බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ලෝක වෙළඳපොලෙහි පොහොර මිල ඉහළ යාම මීට හේතු වූ බවයි.

පසුගිය සතියේ යූරියා මෙටි්‍රක් ටොන් 21,000ක් මෙරටට ළඟා වූ බවයි ඔහු පැවසුවේ.

අඛණ්ඩව පොහොර බෙදා හැරීමේ කටයුතු සිදුවන බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට රට තුළ යූරියා මෙටි්‍රක් ටොන් 16,000ක් පවතිනවා.

එම්.ඕ.පී වර්ගයේ පොහොර මෙටි්‍රක් ටොන් 27,000ක් පමණ රට තුළ පවතින බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ.