පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනවරම් 3ක ලබා ගත්තත් වත්මන් රජය අද රටේ ජනතාට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය කර ඇති බවත් මේ රජය පසුගිය පාර්ලිමේන්තු අවසන් දිනයේ 2025 අයවැයේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය ප්‍රශ්න කළත් මේ සරල ප්‍රශ්නයට රජයට තවමත් පිළිතුරු දීමට නොහැකි වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් කල අදහස් දැක්වීම පහතින් දැක්වේ.
2025 අයවැය යෝජනා බහුතරයක ප්‍රගතිය නෑ
ආංශික අධීක්ෂණ කාරක සභාවලට රජයේ නිලධාරීන් ලබා දුන් ප්‍රගතීන් අනුව පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න රු. මි. 500ක් වෙන් කළත් 20%ක් පමණක් භාවිත කර ඇති බවත් උසස් ශ්‍රෙණිගත විශවවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව දීමට රු. මිලියන 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් බවත් ඔ්ටිසම් දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන්න රු. මි. 250ක් වෙන් කළත් එහි ද ප්‍රගතිය 30%ක් බවත් ඔ්ටිසම් දරුවන්ට සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි කිරීමට රු. මි. 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් බවත් කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසාය සංවර්ධනයට රු. මි. 500ක් වෙන් කළත් එහි ප්‍රගතිය 45%ක්, ක්ෂේත්‍ර භෝග ප්‍රවර්ධනයට මිලියන 500ක් වෙන් කළත් ප්‍රගතිය 40ක් බවත් ක්‍රීඩා සංස්කෘතියක් සදහා රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 10%ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය අලුත් කඩවුණු පොරොන්දු මාලාවක් නිර්මාණය කළා
එසේම උතුරු පොල් ත්‍රීකෝණයට රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 46%ක්, ඌන උපයෝජන ඉඩම් ආයෝජනවලට දීමට රු. මි. 250ක් වෙන් කළත් ප්‍රගතිය 10%ක් බවත් 2025 අයවැය ප්‍රගතිය මේ ආකාර වන විට 2026 අයවැය යෝජනාවලට යන කළ ගැන අමුතුවෙන් කිව නොහැකි බවත් ජනවරම් 3ක් ගෙන නිර්මාණය කළේ අලුත්ම මාදිලියේ සුපිරි ගණයේ කඩවුනු පොරොන්දු චිත්‍රපටියක් බවත් ජනතාව මේ ආකාරයෙන් රැවැටුවේ ඇයි ද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය කරන්නේ විහිලු සැපයීම විතරයි
අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කිරීම, ණය තිරසරභාවය වෙනස් කිරීම, නව ගිවිසුමකට යන බව කිව්වත් ඒවාද නොකර දුප්පතුන් ගොවියන් කම්කරුවන් තරුණයන් ව්‍යවසායකයන් හා ව්‍යාපාර මෙන්ම වතු ප්‍රජාවද අනාථ කළ බවත් රාජ්‍ය සේවකයන් නිල ඇදුමින් දේශපාලන රැස්වීම්වලට ගෙනවිත් ඇන්දවූ බවත් අද වන විට ජනතාවට එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොමැති වුවත් රජයට විසදුම් නොමැති බවත් රජය කරන්නේ විහිලු සපයා බොරැ කීම බවත් රජය දේශපාලන පළිගැනීම් හරහා දේශපාලන පැවැත්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අස්වැසුම ගන්න අසරණ ජනතාවටත් මේ රජය හිගන්නෝ කිව්වා
උපාධිධාරීන් 35000ක් රැකියා දෙන බවට පවසා මැතිවරණ 3දීම රැවටූ බවත් මේවට සාක්ෂි සාධක පවා ඇති බවත් ගුරු සංවර්ධන නිලධාරීන් පවා අසරණ කර ඇති බවත් තොරතුරු තාක්ෂණ රැකියා කරන අයට 15%ක බදු ගැසූ බවත් මොවුන් සියල්ල කළේ බොරුව බවත් මොවුන් පච දේශපාලනයේ කප්පිත්තන් බවට පත්ව ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එයද නොවූ බවත් අපේ රටේ 25%ක් මේ වන විට දුප්පත් බවත් තවත් විශ්ලේෂකයන්ට අනුව 50%ක් බවත් දුප්පත් බවත් අස්වැසුම ඉල්ලන්නේ හිගමනේ යන ජනතාව කියා ආණ්ඩුවේ ඇමතිවරු කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
IMF එකේ පදයට නටන රජයක් මේක
දුප්පත්කම තුරන් කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති වුවත් ආණ්ඩුවේ ඇමතිවරු ලැජ්ජා නැතිව දුප්පත් ජනතාව හිගන්නන් ගාණට දමා කතා කරන බවත් මේ රජය බොහෝම සුන්දර ආකාරයට අයි. එම්. එෆ් පදයට නටන බවත් මේ අයවැයේ කර්තෘවරයා වන්නේ ද අයි. එම්. එෆ් එක බවත් අද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අද සහන නොමැති බවත් මැතිවරණ නිසා පරාටේ නීතිය තාවකාලිකව නැවැත්වුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර ඇති මෙවැනි ගැටලු මැද අලුත් ණය ක්‍රමත් ඉදිරිපත් කරන බවත් අද විරැකියාවට විසදුම් නැති බවත් ඊට අමතරව පාසල් පවා වහන්න යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ගෝඨාභය පොල් මැන්නා. අනුර කුමාර ලූණු මැන්නා
එදා ගෝඨාභය රාජපක්ෂ පොල් මැන්නා සේ වත්මන් රජය ලූණු ගෙඩියේ ප්‍රමාණය මනින බවත් පුංචි මිනිසා අමතක කර අද කැසිනෝ විවෘත කර කැසිනෝ කාරයන් රකින්න ආණ්ඩුව කටයුතු කරන බවත් මොවුන්ට නිර්ධන පන්තියේ සාමන්‍ය ජනතාව අමතක කර ඇති බවත් ජනතාව බදු බරින් මිරිකන පීඩනයක් ඇති කර ජනතාවගේ කරපිට හිසමත බදු බර පැටවීම සිදු කරන බවත් අනවශ්‍ය ලෙස බදු ගසා භාණ්ඩාගාරයේ සල්ලි පුරවා ඇති බවත් රජය IMF ඉලක්ක පවා ඉක්මවා ගොස් බදු ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපිට පර්මිට් වාහන එපා
මන්ත්‍රීවරුන්ට පර්මිට් අවශ්‍ය නොවන බවත් බුද්ධිමතුන් වෘත්තීය වේදීන්ට මේ වාහන පර්මිට් දී ඔවුන් රට අතහැර යන එක වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ රජය වැඩිපුර බදු ගසා ජනතාව අසරණ කර ජනවරම් 3ක් පාවා දී ඇති බවත් මේ නිසා වෙන් වෙනවද එකතු වෙනවාද බෙදෙනවා ද කියා විපක්ෂය තීන්දු කරන්නේ ජනතාව වෙනුවෙන් සිතා බවත් වරප්‍රසාද වෙනුවෙන් නොවන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




