පොළොන්නරුව, කදුරුවෙල බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඩිපෝ කළමනාතාරවරයෙකු ඇතුළු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන තුන් දෙනෙකු සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොළොන්නරුව පොලීසිය පැවසුවා.

මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය කෙරෙන ලංගම බස් රථයකට ඊයේ පස්වරුවේ මින්නේරිය ප්‍රදේශයේදී මගීන් නංවා ගැනීමට යාමේදී දුර ගමන් සේවා පෞද්ගලික බස් රථයක සේවකයින් ඊට විරෝධය පළ කිරීම එම ගැටුමට හේතුව වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා අද පොළොන්නරුව ඩිපෝවට පැමිණ සිටියා.

අදාළ සිද්ධිය සම්බන්දයෙන් ඔහු නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.

මින්නේරිය යුද හමුදා කඳවුරේ රාජකාරී නිම කර නිවෙස් බලා යමින් සිටි සෙබළුන් පිරිසක් ලංගම බස් රථයට නංවා ගැනීමට යාමේදී පෞද්ගලික බස් රථයක පිරිසක් ලංගම සේවකයින්ට බැන තර්ජනය කර ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.