සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
ඊයේ දිනයේ තරගය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 458ට පිළිතුරු වශයෙන්.
බංග්ලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගැනීමට හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 247ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 158ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස් කළා.
දිනේශ් චන්දිමාල් ලකුණු 93යි. ඒ අනුව ඊයේ දිනයට තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම තවත් කඩුලු 04ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 96ක් පසුපසින් සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිලිබඳ ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්.