යුක්රේනයේ බටහිර ප්‍රදේශයේ ටර්නොපිල් නගරයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
2022 පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු බටහිර යුක්රේනයට එල්ල වූ මාරාන්තික රුසියානු ප්‍රහාරය මෙය ලෙස මෙය සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් අතර ළමුන් 14 දෙනෙකු ද සිටින බවයි යුක්රේන නිලධාරීන් සඳහන් කරන්නේ
ලිවිව් සහ ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක් යන තවත් බටහිර ප්‍රදේශ දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර , උතුරු කාර්කිව් නගරයේ දිස්ත්‍රික්ක තුනක් ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යුක්රේනයේ බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ මේ හේතුවෙන් රට පුරා කලාප ගණනාවකට විදුලිය විසන්ධි කිරීමට සිදු වී ඇති බවයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව ඩ්‍රෝන යානා 470 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 47 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවත්, එමඟින් "සැලකිය යුතු විනාශයක්" සිදු වූ බවයි.




