Published
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු තවදුරටත් අඩු කර ගැනීම සඳහා සාකච්ඡා සිදු කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අගෝස්තු පළමුවනදා දක්වා අවස්ථාව විවෘත වී ඇති බවයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ සෙසු රටවලට පනවා ඇති තීරු බදුවල බලපෑම සලකා ඉදිරි සාකච්ඡා සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට මුලින්ම පැනවූ බදු ප්‍රමාණය සියයට 44ක්.
කෙසේවෙතත් පසුව එය ක්‍රියාත්මක වීම දින 90කට අත්හිටවනු ලැබුවා.
එම කාලය ඉකුත් බදාදායින් අවසන් වුණා.
ඒ අතරතුර ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකා නියෝජිතයින් සමග සාකච්ඡා ආරම්භ කළේ මෙම බදු ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණින්.
ඉන් පසුවයි අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රතිශතය සියයට 30ක් දක්වා අඩු කෙරුණේ.