Published
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු සියයට 50ක් එම වාර්තා ඉදිරිපත් නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පසුගිය වසරේදී ලියාපදිංචි සමාගම්වලින් බදු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ සියයට 43ක් පමණක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට එකවෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මහජනතාව ගෙවන බදු මුදල්වලින් රුපියලක් හෝ නාස්ති නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම උත්සවය ඇමතුවා.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.