Published
හෙරොයින් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසුවේ.
එලෙස සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙක්.
එම ඉන්දීය ජාතිකයා අදාළ මත්ද්‍රව්‍ය තොගය බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.




