තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 04 දෙනෙකු සහ කම්කරුවෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. එලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් “කැම්පියන් සැන්විජස්” වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක්. තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් කම්කරු කාන්තාවකගේ පයට පෑගීමෙන් බඹරුන් ඇවිස්සී සෙසු වතුකම්කරුවන්ට පහර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.