Published
බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු බගවන්තලාව, තෙරේෂියාවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බලවන්තලාව පොලිස් ස්ථානය විසින් සිදු කළ වැටලීමකදීයි.
අදාළ සැකකරුවන් මැණික් ගැරීමට යොදා ගත් උපකරණද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 සහ 46යන වයස්වල පසුවන බගවන්තලාව සහ හැටන් ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


