ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දමනවාද නැද්ද යන්න අද දිනයේ බස් සංගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර තීරණය කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අද සිට බස් ගාස්තු සියයට 2. 5කින් අඩුවිය යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු සංශෝධිත බස් ගාස්තු ප්‍රසිද්ධියට පත් කරන බවයි ජාතික ගමනා ගමන කොමිසම පසුගියදා ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වය අනුව බස් ගාස්තු අඩු වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊට ප්‍රතිචාර දක්වූයේ මෙලෙසයි.