Published
                
                 
                
            ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු මතුවීමට හේතුව විපක්ෂයේ හැසිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මීට පෙර අවස්ථාවේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදීද මෙවැනි තත්ත්වයක් පැවති බවත් එහිදී ගැටලු මතු නොවූයේ සිය පක්ෂය ක්‍රියා කළ ආකාරය හේතුවෙන් බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී කියා සිටියා.




