මත්ද්‍රව්‍ය සියයට 90ක් පමණ රට තුලට ඇතුල් වන්නේ බහුදින යාත්‍රා සහ කුඩා ධීවර යාත්‍රා හරහා බව පොලීසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු සහ උසස් පුහුණු ඒකකය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසුවේ බහුදින ධීවර යාත්‍රා නියාමනය කිරීමට නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

ආරක්‍ෂක අංශ භාරයට පත්වන මත්ද්‍රව්‍ය යළි සමාජගත වනවාද? ඒ සම්බන්ධයෙන්ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අදහස් පළ කළා.