බ්‍රසීලයේ මධ්‍යම - බටහිර ප්‍රාන්තයේ මැටෝ ග්‍රෝසෝහි අධිවේගී මාර්ගයේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 45ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තුවාල ලැබූවන්ගෙන් 12 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් බලධාරීන් පවසා ඇත්තේ. කෙසේවෙතත් පුද්ගලයින් 26 දෙනෙකු මධ්‍යස්ථ තත්ත්වයේ පසුවන බවත්, අට දෙනෙකුට සුළු තුවාල පමණක් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බ්‍රසීලයේ අගනුවර වන කුයියාබා සිට කිලෝමීටර් 360ක් පමණ දුරින් පිහිටි ලූකස් ඩෝ රියෝ වර්ඩ් නගරය අසලදී මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථය බ්‍රසීලයේ කෘෂි ව්‍යාපාර කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන කුයියාබා සිට සිනොප් දක්වා ගමන් කරමින් සිටින අතරතුරදී අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.