එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම තොරතුර වාර්තා වූයේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුර වන අතර අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි.
වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ට ද අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බවත් ප්‍රශ්න කිරීම්වලදී තමන් බැංකු ගිණුමක් නොමැති බව පැවසූ විට නිලධාරීන් පුදුමයට පත් වූ බවයි.
එම නිලධාරීන් තමන්ගෙන් ඊට හේතුව විමසූ විට, “මට ගැටලුවක් නැතිනම් ඔබලා ඵය ගැටලුවක් කර නොගත යුතුයි” යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
වජිර අබේවර්ධන මහතාගේ මෙම කතාවට අවට සිටි බොහෝ දෙනකු සිනාසුණහ.“ඇත්තටම වජිර මන්ත්‍රීතුමාට බැංකු ගිණුමක් නැද්ද?” යනුවෙන් එහි සිටි කිහිප දෙනෙක්ම විමසා ඇත.
එයට පිළිතුර වී ඇත්තේ “ඇත්තටම නෑ” යන්නයි.