සිය බිරිඳගේ ගෙල කපා පොලීසිය වෙත රැගෙන පැමිණි පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ඝාතනය ලක්ව ඇත්තේ වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.

පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳගේ හිස කදින් වෙන්වන ලෙසට කපා දමා ඇති බවයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.