නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

එම මෙහෙයුමේදී සැකකරුවන් සිටි ඩිංගියාත්‍රාව තුළ උර 56ක අසුරා තිබූ තෙත බර සහිත බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,680ක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.