Published
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට වැටී තිබී පාර්සලයක් හමුවී තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට යමක් වැටෙන අයුරු මුර අට්ටාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට නිරීක්ෂණය වීම හේතුවෙන් පසුව ඒ සම්බන්ධව බන්ධනාගාර නිළධාරීන් දැනුවත් කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.
ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී විශේෂ අංශයේ වැටී තිබූ කළු පැහැති පාර්සලයක් සොයා ගත් බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ.
එම පාර්සලයේ තිබී ජංගම දුරකථන 08ක් අත්අඩංගුවට ගත් බවද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවා.
එලෙස සොයා ගත් ජංගම දුරකථන ඉදිරි විමර්ශන කටයුතු සදහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, බූස්ස බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.