මාදුරුඔය ශ්රි ලංකා යුධ හමුදා විශේෂ බලකා කදවුරේ පැවති විසිර යාමේ උත්සවකට සමගාමිව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්රි ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීම නිසා මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ මරණ පරික්ෂණ සාක්සි මේ මස 17 දින කැඳවන ලෙස දෙහිඅත්තකන්ඩිය මහේස්ත්රාත් ප්රියන්ත හාල්යාල මහතා දෙහිඅත්තකන්ඩිය පොලිසියට නියෝග කර තිබෙනවා. මෙම ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසටද ගුවන් හමුදාපතිවරයාට නියෝග කල මහෙස්ත්රාත්වරයා ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට තවදුරටත් නියෝග කෙරිණ මෙසේ නියෝග කළේ නිදර්ශනයක නියැළෙමින් පියසාර කරමින් තිබූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජියින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීම සහ තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු තුවාල ලැබිමේ සිද්ධිය සම්බන්ධට අදාළ නඩුව දෙහිඅත්තකන්ඩිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදියි මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසිය සිය මූලික කරුණු දැක්වීම් වලදී අධිකරණයට කියා සිටියේ මාදුරුඔය ශ්රි ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ විසිර යාමේ උත්සවයක් පැවති බවයි එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ සිට ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුධ හමුද විශේෂ බලකා පහුණු කදවුරට ගොඩ බස්සවා එම කදවුරෙන් සෙබළුන් පිහිප දෙනෙකු හෙලිකොප්ටර් යානයට නංවා ගෙන නිදර්ශන කටයුත්තක් සඳහා යළි ගුවන් ගත වී ඇති බවයි එලෙස ගුවන් ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියසාර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව අරලංගවිල පොලිසිය විසින් පලමුව දෙහිඅත්තකන්ඩිය පොලිසියට දැනුම් දුන් බවද කියා සිටි පොලිසිය අනතුරුව වාහාම ක්රියාත්මක වී අදාළ අංශ දැනුම් වත් කර කඩා වැටුනු යානයේ සිටි පිරිස් මුදා ගැනීමේ සහ රෝහල් ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කල බවද කියා සිටියා. මෙම ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය අනතුර සම්බ්නධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ශ්රි ලංකා ගුවන් හමුදාව විසින්ද පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද වමර්ශන සිදු කරන බවද දැනුම් දුන්නේය පැමිණිල්ල වෙනුවෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලස් පරික්ෂක ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත සැරයන් (69145) ගුණරත්න මහතා පෙනී සිටියේය මාදුරුඔය ජලාශය අයත් පොලිස් වසම අරලගංවිල වීම නිසා ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇරඹු අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ මෙහෙවිම මත වුවද පසුව ගුවන් අනතුරේ සියලු විමර්ශන දෙහිඅත්තකන්ඩිය පොලිසියට බාර දීමට අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුවිය ඊට හේතුව මාදුරුඔය ජලාශය අයත් පොලිස් වසම අරලගංවිල වුවද හෙලිකොප්ටර් යානය කඩා වැටුනු ජල තීරය අයත් පොලිස් වසම දෙහිඅත්තනන්ඩිය පොලිස් වසම බව ගූගල් මගින් කල සෙයා බැලීමකදී අනාවරණ වීමයි
Published