ඝානාවේ සියලුම බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. එරට බොක්සිං ක්‍රීඩකයෙකුගේ මරණයෙන් පසු ඝානා රජය එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස මරණයට පත්ව ඇත්තේ බාහුබලි ලෙස ජනප්‍රිය අර්නස්ට් අකුෂේ නම් 32 හැවිරිදි වියේ පසුවූ බොක්සිං ක්‍රීඩකයෙක්. සටනේදී ඇති වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් තරගයෙන් දින 11කට පසුව ඔහු මියගොස් ඇති බවටයි මූලික පරික්ෂණවලදී අනාවරණ වි ඇත්තේ. එරට ජාතික ක්‍රීඩා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජීවිත ආරක්ෂා කිරීම, ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා සහ එහි අනාගතය සහතික කිරීමට අවශ්‍ය පියවරක් ලෙස එලෙස බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටවු බවයි.