Published
බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී අද අලුයම 12යි 30ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ඔවුන්ට එලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.




