බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ රාත්රියේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඩුබායිහි සිටින පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක කරන බවයි. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා. ඒ, ඊයේ රාත්රී 08.40ට පමණයි. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතර සිටි 23 හැවිරිදි වියේ පසුවන ඔහු කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් අද අලුයම මියගියා. මේ අතර තැන තැන සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් පල කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ හමුදා කඳවුරුවල තිබූ ටී-56 ගිනි අවි 73ක් පාතාල කල්ලි කණ්ඩායම් අතට පත්ව තිබූ බවයි.
Published