පානදුර - හොරණ මාර්ගයේ බොල්ගොඩ පාලම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.