වහාම ක්‍රියාත්මක වන පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කළ බවද හෙතෙම සදහන් කළේය. ප්‍රේමසිරි රත්නායක මහතා සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිමත් ඒ මහතාට විරුද්ව චොද්නා සලකා බැලිමෙන් අනතුරුව මෙම තිරණය රජයවිසින් ගත් බවයි  දිසානායක මහතා පවසා සිටියේ. පසුගිය 2024 ජනවාරි මාසයේදි රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරය සදහා පත් කිරිම සිදු විය.