දින ගණනක සිට පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටින ‘භාතිය’ ඇතාගේ ප්‍රතිකාර කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්‍ෂණයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අශෝක දංගොල්ල මහතා අද එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

මේ එහිදී අදහස් දැක්වූ මහාචාර්ය, අශෝක දංගොල්ල මහතා.

පාදයක ආබාධයක් සහිතව භාතිය ඇතා ජලය රැඳි වළකට වැටී සිටි ඇතාට සිදු කෙරෙන ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බවයි ප්‍රදේශවාසීන් ඉකුත් දා චෝදනා කළේ.

ඒ අනුව එම ඇතාට සිදු කෙරෙන ප්‍රතිකාර කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාද පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නා.