පොල්පිතිගම ප්‍රදේශයේ සහ නිකවැරටිය ප්‍රදේශයේ තුවාල ලබා ඇති භාතිය ඇතාගේ සිදුවීමෙන්වත් පාඩමක් ඉගෙන ගෙන වනජිවීන් වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් සැකසිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
භාතිය ඇතා වනජීවී ක්ෂේත්රය සහ ආරක්ෂක අංශ සහ වනජීවී ලෝලීන් මේ ඇතා ජීවත් කරවන්න විශාල පරිශ්‍රමයක් දරන බවත් ඔවුන්ට තමාගේ ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.
තවද මෙවැනි සිදුවීමක් වු පසු සැමගේම අවදානම යොමු වන බවත් මේ තුවාල වූ පළමු ඇතා නොවන නිසා වහාම එස්.ඕ.එස් වැඩසටහනක් ආරම්භ කර ඉන්දියාවේ කෙන්යාවේ මෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය කර මොවුන්ව රැකගත යුතු බවත් අද වනජීවී ක්ෂේත්රයේ බරපතල මානව හා භෞතික සම්පත් හිගතාවකින් පෙළෙන නිසා වහාම මේවා පියවන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.
එම නිසා විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඇති කර ඉන්දියාවෙන් පවා ආධාර ගත හැකි බවත් අම්බානි මහතාගේ පුතා පවා වනජීවී සම්පත වෙනුවෙන් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක බවත් අප්‍රිකාවේ පවා ක්‍රියාත්මක නිසා ඒවාගෙන් පාඩමක් ඉගෙන ගෙන විධිමත් කෙටිකාලීන මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් මේ සිදුවීමෙන් පවා පාඩමක් ඉගෙන ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ