Published
පුත්තලම නොරෝච්චොල ප්‍රදේශයේ දී නිති විරෝධි ලෙස ලග තබා ගත් අන්තරාදායක ඖෂධ යටතට ගැනෙන මත් පෙති තොගයක් සමග සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත් පෙති 216 000 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වෙළදපොළ වටිනාකම රුපියල් 10,800,000ක් පමණ වනවා.
මෙම නිති විරෝධි මත් පෙති සන්තකයේ තබා ගෙන සිටි නොරෝච්චොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.