අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය, ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ දේශපාලන වේදිකාවල තවදුරටත් විවිධ අදහස් පළ වනවා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා.

මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස දේශපාලනඥයින් ඉන්නවාද? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.