මේ වන විට සමාජයේ නිර්මාණය වී ඇත්තේ බොරු කියන ජනතාව රවටන ආණ්ඩුවක් බවත් මොවුන් පැය 24ම දිනපතා සතිපතා මාස්පතා දිගින් දිගටම මුසාවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් සිය ජීවය ප්‍රාණය ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ වන විට මත්ද්‍රව්‍ය ඇල්ලීම ගැන ලොකු ප්‍රචාරයක් දියත් කරන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ජන සමාජයම රටම විනාශ වන නිසා එය නැති කිරීම හොද වුවත් මත්ද්‍රව්‍ය අල්ලනවා සේම කන්ටේනර් 323 නිදහස් වූ ආකාරය සහ එහි තිබු දේවල් නිදහස් කරන්න අවසර දුන් අය කවුද කියා රජය අනාවරණය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුමුල්ල ඉදිබැද්ද ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයට නව සාමාජිකයන් එක් කර ගැනීමේ වැඩසටහන හා ජන හමුවකට එක්වෙමිනි.
මේ කන්ටේනර්වල මත්ද්‍රව්‍ය මත්කුඩු අනවසර භාණ්ඩ, නීතිවිරෝධී භාණ්ඩ තිබුණේද කියා හෙළිදරව් කළ යුතු බවත් කුඩු කාරයෝ අල්ලනවා සේම කන්ටේනර් 323 තිබු දේවල් ද හෙළි කළ යුතු බවත් රටම මේ ප්‍රශ්නයට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව දෙන කාලය එළැඹ ඇති බවත් පළාත් සභා මැතිවරණයේ දී බොරුව වංචාව මංමුලාව රැවටිල්ල පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




