Published
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව කියන වින්දනී ප්‍රියර්ශිකා සූරියආරච්චි නොහොත් “පොඩ්ඩී” යන කාන්තාවට අයත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළඳසැල් 04කට පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
කොළඹ 14, ෆර්ගියුසන් පාරේ පිහිටි රෙදිපිලි වෙළඳසැලක්, සිල්ලර බඩු වෙළඳසැලක්, අවන්හලක් සහ බුලත් දුම්කොළ අලෙවි කළ ස්ථානයකට එලෙස මුද්‍රා තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද මුදල්වලින් එම වත්කම් මිලදීගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විසින් එම වෙළඳසැල්වලට මුද්‍රා තබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




