දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 27,932 දෙනෙකු පරික්ෂා කළ බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 717 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුකරුවන් 246 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 166ක්.

මෙම මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී බීමත් රියදුරන් 32 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,747 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.