Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා ජනතාවගේ දායකත්වය තවදුරටත් අත්‍යවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
ඔහු පැවසුවේ ජනතාව ලබාදෙන තොරතුරු හමුවේ විමර්ශන වඩාත් පහසු වන බවයි.
මත් රකුසා රටෙන් තුරන් කිරීමේ අරමුණෙන් රජය ක්‍රියාත්මක කර ඇති එම මෙහෙයුමට සහාය පළ කරමින් ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව ද මෙම කාර්ය භාරයට මාධ්‍ය නාළිකාවක් ලෙස උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පළ කළා.




