දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

විමර්ශනවල ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එහිදී නියෝග කළා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85ක් සමග දකුණු මුහුදු තීරයේදී එම සැකකරුවන් නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.