බන්ධනාගාර ගත රැඳවියන්ගෙන් සියයට 70ක් පමණ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. එමෙන්ම පොලිස් නිලධාරින් සියයට 20ක් පමණ ද ඊට ඇබ්බැහි වී ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මත්ද්‍රව්‍ය උවඳුර මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.