Published
මත්පැන් පානය කර රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ආණමඩුව පොලසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආණමඩුව - පුත්තලම මාර්ගයේ තෝණිගල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොලිස් මුරපොළේදී එම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බවයි ආණමඩුව පොලසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ආණමඩුව දිසා රෝහලේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
එහිදී සිදු කළ පරීක්ෂණයේදී එම පොලිස් සැරයන්වරයා මත්පැන් පානය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.



