Published
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්වය පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.