මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක අද දිනයේ විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි වාර කිහිපයක්ද ඇති විය හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.