Published
රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි නමැත්තාගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව සම්පත් මනම්පේරි නමැත්තා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පසුව අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දුන්නේ ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.



