පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කන්කසන්තුරය පොලිස් ස්ථානය මගින්.

අච්චුවේලි පොලිස් වසමේ පුන්නාලකට්ටුවාන් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අතින් පයින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ එම පුද්ගලයා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව අදාළ ඝාතනය සිදු කළ සැකකරු කීරමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.