Published
ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමය විසින් මාධ්‍ය හමුවකදී නිකුත් කළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා අද ප්‍රතිචාර දැක්වුවා. සිය සාමාජිකයෙකු සහ රංජන් ජයලාල් මහතා අතර පැවති අදාළ දුරකතන සංවාදය එම මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස මාධ්‍ය වෙත නිකුත් කළා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ලේකම්වරයා පැවසුවේ අදාළ තර්ජනය තමන් හෙළා දකින බවයි. කෙසේවෙතත් අදාළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තවදුරටත් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වනවා. අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ අනාරක්‍ෂිතව පවතින සිය රැකියා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා අනාරක්‍ෂිත බවයි. කෙසේවෙතත් එම සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත බවයි අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.