මහ නුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළයේ අම්පිටිය වැවතැන්න ගම්වාසින් මුහුණදෙන ගැටළුවක් අද නෙත්සැරයෙන් අනාවරණය කෙරෙනවා. වසර 30කටත් පෙර සිට රඳාගස්පාන රජයේ ඉඩමක පදිංචි නිවාස ගණනාවක ජනතාවට විවිධ රජයන් මගින් මෙම ඉඩම් වල හිමිකම් ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වුවද තවම ඒවා ඉටු නොවුන බව ගම්වාසින් පවසා සිටියා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.