Published
පාකිස්තානයේ පංජාප් පළාතට බලපෑ දාරණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 290 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ දියේ ගිලීම හෝ විදුලි සැර වැදීම හේතුවෙන් අදාළ මරණ වාර්තා වී ඇති බවයි.
තුවාල ලැබූවන් අතරින් වැඩි දෙනෙකු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූවන් බවද එම අධිකාරිය පවසා තිබෙනවා.
ගං වතුර තත්ත්වය හේතුවෙන් පංජාප් කලාපයේ අධිවේගී මාර්ග කිහිපයක් වසාදමා ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඉකුත් ජූනි මස අග භාගයේදී මෝසම් වැසි ආරම්භ වීමෙන් පසු මේ දක්වා කාලය තුළ පාකිස්තානයෙන් ආපදා මරණ 180ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් අඩකට වඩා ළමුන් වන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.