එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය මේ වන විට පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීයි.

මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ තේමාව වන්නේ ඔබේ මතය ඔබ දරන්න - ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවන්න එකට සිට ගමු යන්නයි.

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය ආරම්භ වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතකි පක්ෂය කළ ආරාධනයට අනුව වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ද ඊට එක්ව සිටිනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම සිය පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, මර්වින් සිල්වා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටිනවා.

මේ, පක්ෂ සංවත්සරය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය.

හිටපු අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින්ද සිය පක්ෂ සංවත්සරයට සුබපැතුම් එක්කළ බවයි එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය අමතනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවයේ තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.