Published
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙනවා.
නව වසරේ අලුත් සහලින් උතුම් දළදා සමිඳුන් පිදීම සෑම වසරකම දුරුතු පුර පසළොස්වක පොහොය දින පැවැත්වෙන්නේ දළදා තේවාව භාර නායක ස්වාමින් වහන්සේගේ සහ දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන්.
අලුත් සහල් මංගල්‍යයට අමතරව අලුත් අවුරුදු ඇසළ පෙරහර හා කාර්තික යන මංගල්‍යයන් ද වාර්ෂිකව සතර මහා මංගල්‍යයන්ට අදාළව ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙනවා.




