Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය මහතා පැවසුවේ හිටපු නායකයින්ගෙන් පලිගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ‘X‘ ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, සියල්ල ආරම්භ වූ ස්ථානයට සිය පියා නැවත පැමිණි බවයි. එමෙන්ම සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු හෝ වරප්රසාද මත නොව ජනතාවගේ ආදරයෙන් බවද එහීදී ඔහු සඳහන් කර තිබෙනවා.