අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද පෙරවරුවේ පැවැත්වුනා.

එම හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.

කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන් විමසා බැලීමටද පියවර ගත්තේය.

තමන් සිරගත කළ අවස්ථාවේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඉහත හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කර තිබෙනවා.