මාතර දිස්ත්රික්කයේ වැලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව මුහුණ පා ඇති අසීරුතාවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා.
වැලිගම ප්රාදේශීය සභාව මගින් නඩත්තු කළ යුතුව ඇති මාර්ග පද්ධතිය හා වීදි ලාම්පු අක්රිය වීම නිසා ජනතාව පීඩාවට පත්ව ඇතැයි පැවසෙනවා.
එම මාර්ගයේ මැද කොටස සංවර්ධනය කර ගැනීමට මෙන්ම වීදි ලාම්පු අලුත් වැඩියා කර ගැනීමද ප්රදේශවාසීන්ගේ බලාපොරොත්තුවක්.
වැලිගම ප්රාදේශීය සභා බලධාරීන්ගේ මැදිහත්වීමෙන් දෙනිපිටියට සම්බන්ධ වන මෙම මාර්ගයේ ඉතිරි කොටස නවීකරණය කිරීම සහ වීදි ලාම්පු පද්ධතිය සක්රිය කරවීමට ඔවුන් ගන්නා ක්රියාමාර්ග මොනවාදැයිැයි නෙත්සැරය විමසිල්ලෙන්
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




