විරුද්ධ පාක්‍ෂික දේශපාලනයට එරෙහි සිය ආණ්ඩු බලය උපයෝගි කර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පැවති ආණ්ඩු මෙන් විරුද්ධ පාක්‍ෂික දේශපාලනය මැඩලීමට කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 36 වන ඉල්මහ සමරුවට එක්වෙමින්.

කරුණු දෙකක් මුල්කර ගනිමින් ආණ්ඩුව වගවන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ආණ්ඩුවට එරෙහිව එක්වන විපක්‍ෂයේ කණ්ඩායම් සම්බන්ධයෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදි අදහස් පළ කළා.

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.