අයවැය කාරක සභා අවස්ථා විවාදය අද තුන්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යංශය සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ 09ක් අද දිනයේ විවාදයට ගැනෙනවා.

මේ අතර ඊයේ දිනයේ විවාදයට ගැණුනු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ විවාදයට ගැණුනා.

එම වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ සංශෝධන රහිතවයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මෑත කාලයේ සිදු කෙරුණු මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති වුණා.

මේ, එම විවාදයේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විවාදයේදී අදහස් පළ කළේ මෙලෙසයි.

විවාදයේ පිළිතුරු කතාව කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේනත්ු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහා කියා සිටියේ ආණ්ඩුව සංචාරක ක්ෂේත්‍රයෙන් අපේක්‍ෂා කළ ඉලක්ක කරා යාමට මෙම වසරේදී අසමත් වී ඇති බවයි.

විවාදයේ පිළිතුරු කතාව කළ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.